Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th November 2019 11:08:46 Hours

නව යුද්ධ හමුදා මුලස්ථානය විවෘත කිරිම ‍වෙනුවෙන් ශ්‍රි පාදස්ථාන භූමිය සුද්ධ පවිත්‍ර කිරිමේ ප්‍රජාසත්කාර වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මධ්‍යම වෙතින් පාලනය වන 11 සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන බළසේනාංක මුලස්ථාන බළප්‍රදේශයේ පිහිටි මුදුන් මල්කඩක් වැනි ශ්‍රි පාදස්ථාන හා නල්ලතන්නිය භූමියේ නව යුද්ධ මුලස්ථානය විවෘත කිරිම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් හා මඟ පෙනිවීම මත මෙම මුල ආඥාපති තුමන්ගේ පුර්ණ අධික්‍ෂණය හා සහභාගිත්වයෙන් යුතුව ප්‍රජාසත්කාර වැඩසටහනක් 2019.11.11 වන දින සාර්ථක අයුරින් පවත්වන ලදි.

ඒ සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම හා යටතේ පාලනය වන සේනාංක මුලස්ථාන, බළසේනා මුලස්ථාන හා ඒකකයන් මෙන්ම පුහුණු පාසල් වෙතින් නිලධාරි හා සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් සහභාගිවු අතර, මෙහි ප්‍රධානතම අරමුණ වුයේ එළබෙන ශ්‍රි පාද සමය ආරම්භ වීමට ප්‍රථම දෙස් විදෙස් විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට පැමිණෙන අතර, ඔවුනට වටපිටා සුදරත්වය හා විචිත්රාත්වය පෙර තිබු අයුරින් දැකබලා ගැනීමයි.