Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th November 2019 11:08:06 Hours

“ආකල්ප වර්ධණය තුලින් යහපත් සමාජයක් ගොඩනැගිම” අරමුණු කොටගෙන දේශණයක් පැවැත්වීම

ආරක්ෂික සේනා මධ්‍යම වෙතින් පාලනය වන 11 සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන බළසේනාංක මුලස්ථාන, ඒකකයන් හා පුහුණු පාසල්හි රාජකාරි ඉටුකරන ලද නිලධාරින් සෙසුනිලයින් උදෙසා කායික “මානසික ආධ්‍යාත්මික සමබරතාවය වර්ධනය කිරිම” යන තේමාවන් අරමුණින් යුතුව දේශණ මාලවක් 2019.11.06 වන දින 0830 පැයේ සිට 1230 පැය දක්වා එම සේනාංකයේ ප්‍රධාන දේශණ ශාලාවේදී පවත්වන ලදී.

මෙම දේශණයේ ප්‍රධාන දේශක වශයෙන් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ රාජකාරි ඉටුකරන ලද ජාතික ශිෂ්‍ය භඨ බලකායට අයත් ලුතිතන් කර්නල් සමන්ති බණ්ඩාර යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිණිය විසින් ඉදිරිපත් කිරිමක් මගින් යුද්ධ හමුදා සමාජිකයින් වශයෙන් එදිනෙදා සිදුකරන හා සිදුකිරිමට නියමිත සියළුම කටයුතු මනා අයුරින් ඉටුකර ගැනිම පිළිබඳ අර්ථකතන ඉදිරිපත් කරමින් දේශණය සර්ථක අයුරින් පත්වන ලද අතර, එහිදි ප්‍රධාන අරමුණ වනුයේ “රණවිරුවන්ගේ එදිනෙදා ආකල්ප වර්ධනය තුලින් ගොඩනැගිමයි” තවද, දේශනය සඳහා 11 වන සේනාංකය හා යටතේ පාලනය බළසේනා මුලස්ථාන, ඒකකයන් හා පුහුණු පාසල්හි රාජකාරි ඉටුකරන ලද නිලධාරින් 20 දෙනෙකු හා සෙසුනිලයින් 250 කින් යුතු පිරිසක් සහභාගි වන ලදි.