Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st October 2019 20:38:59 Hours

සියදිවි හානී කර ගැනීමට තැත් කිරිම හා සියදිවි හානි කර ගැනීම වැලැක්වීම සඳහා මනෝවිද්‍යාත්මක දේශණ මාලාවක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම මූලයේ ජ්‍යෙෂ්ඨ සිවිල් සම්බන්ධීකරණ නිළධාරි වන ලුතිතන් කර්නල් ඩබ්ලිව් එම් ආර් පී විජේසුන්දර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්‍ෂනය යටතේ මෙම ආසේමු බළප්‍රදේශය තුල ස්ථාපිත පෙර පාසල් දරු දැරියන්ගේ දෙමව්පියන් විසින් සියදිවි හානී කර ගැනීමට තැත් කිරිම හා සියදිවි හානි කර ගැනීම වැලැක්වීම සඳහා මනෝවිද්‍යාත්මක දේශණ මාලාවක් 2019.10.28, 29, 30 යන තෙදින තුල ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ටෝච් සිනාමා ශාලාව, දියතලාව ප්‍රාදේශීය ලේඛම් කර්යාලය, බණ්ඩාරවෙල නගරසභාව සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හී පවත්වන ලද අතර, මෙම දේශණය සඳහා මෙම මූල බළප්‍රදේශ යටතේ පාලනය වන ඒකක සහ පුහුණු පාසල් හි රාජකාරි නියතු යුද්ධ හමුදා සමාජිකයින් මෙන්ම පෙර පාසල් දරු දැරියන්ගේ දෙමව්පියන් විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදී.

මෙම අවස්ථාව සඳහා දේශක මඩුල්ල වශයෙන් CIIHE (Colombo international institute of higher equateon) යන ආයතනයේ විද්වත් දේශකයින් වන මෙත්මලි මුණසිංහ මෙනවිය, සෞම්‍යා මෙනවිය ව‍ෛද්‍ය ලසන්ත විජේසේකර මහතා, නිරන්ජන් මැදවල මහතා යන දේශක මඩුල්ලක් සහභාගි වු අතර, එමගින් මිනිසා විසින්ම මතුකර ගන්නා ගැටළු හේතුවෙන් ජිවිතහානී කරගැනීම් මෙන්ම එයට හොඳම පිළිතුරක් වශයෙන් එම ගැටළු නිරාකරණය කර ගනිමින් ජිවිත විඳ වන්නට නොව විදින්නට ඉඩ පරස්ථාව දිගහැර ගැනීමට ඉවහල්වන කරුණු කිහිපයක් පිළිබඳව එලිදැක්වීමක් මගින් විස්තරාත්මකව පැහැදිලි කර දෙන ලදි.