Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st October 2019 14:33:30 Hours

යුද්ධ හමුදා භඨපිරිස් සභාගිත්වයෙන් ලේ දන්දිමේ කඳවුරක් පැවැත්වීම

බලන්ගොඩ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් 90 වන වරටත් සංවිධානය කරනු ලැබු ලේ දන්දීමේ වැඩසටහනක් 2019.10.30 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී සාර්තක අයුරින් පවත් වන ලදි .

එම ලේ දන්දීමේ වැඩසටහන සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම මුල ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය මත මෙම මුලය යටතේ රාජකාරි නියුතු භඨපිරිසකගේ පුර්ණ දායකත්වය ලබාදෙන ලදි. එමෙන්ම මිලින වන්නට ගිය වටිනා ජිවිතහට නැවත ප්‍රාණය ලබාදීමට, ඒ සඳහා අනුමැතිය ලබාදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරිහට මෙන්ම සහභාගි වු භඨපිරිස් හා සමස්ථ යුධ හමුදා සාමාජිකයින් සිහිපත් කරමින් සංවිධායක මණ්ඩලය විසින් හදපිරි කෘතඥතාවය ප්‍රකාශ කරණ ලදි.