Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th October 2019 09:24:39 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත් වීමේන් කුඹල්වෙල ඇල්ල ප්‍රධාන මාර්ගය හා හපුතලේ දියතලාව මාර්ගයේ ඇති වු අවහිර තාවයක් යතා තත්වයට පත්කිරිම

ආසේමු මධ්‍යම බළප්‍රදේශයේ පිහිටි කුඹල්වෙල ඇල්ල ප්‍රධාන මාර්ගයට 2019.10.27 වන දින කදුවැටියකින් පහලට පෙරළුන ලද විශාල ගල් ප්‍රධාන මර්ගයට වැටිම හේතුවෙන් ගමනා ගමන කටයුතු වලට මහත් අපහසුතා රැසක් සිදු වු අතර, ඒ සඳහා මෙම ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙතින් පාලනය වන 112 බළසේනා මුලස්ථාන රාජකාරි නියුතු නිලධාරින් හා සෙසු නිලයින් එක්ව එම ස්ථානය වෙත ගොස් මහත් පරිශ්‍රමයක් යොදවා එම ගල් ඉවත් කොට ගමනා ගමන පහසුකම් යතාතත්වයට පත් කරන ලද.

තවද, එදිනම 1830 පැයට පමණ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ ප්‍ර දේශයේ ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටිම හේතුවෙන් මෙම මුල රාජකාරි නියුතු 01 x 20 ක භඨපිරිසක් එම ස්ථානය වෙත රපෝර්තු කරවා මහත් පරිශ්‍රමයක් යොදවා එම විශාල ගස් මර්ගයෙන් ඉවත්කොට ගමනා ගමන කටයුතු යතා තත්වයට පත්කරන ලදි.