Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th October 2019 09:17:23 Hours

ආසේමු (මධ්‍යම) යටතේ පාලනය වන ඒකකයන් වෙත ආඥාපති තුමන්ගේ සංචාරය

මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙම මුලය යටතේ පාලනය වන 8 වන ශ්‍රිලංකා යුද්ධ හමුදා සේවා බළකා ඒකකයේ දැනට පවතින වත්මන් තත්වය හා එහි අඩුපාඩුකම් පිලිබඳ සොයාබැලීම සඳහා සංචාරයක නිරත වූහ.

එමෙන්ම 2019.10‍.21 වන දින ඒකකය වෙත සංචාරය සිදු කරනු ලැබු අතර, එහිදී කඳවුරු සංවර්ධනය හා ඉදිකරමින් පවතින ගොඩනැගිලි මෙන්ම ඉදිකිරිමට යෝජිත ගොඩනැගිලි පිලිබඳව සොයා බැලිම හා එහි පවතින අඩුපාඩු පිලිබඳව සොයාබලන ලදි. තවද, මෙම සංචාරයේදී ආඥාපති තුමා වෙත සුදානම් කරන ලද තේ පැන් සංග්‍රහයටද සහභාගි වු අතර,තවද එම කඳවුරු භූමිය තුල නා පැලයක් රෝපනය කිරිමෙන් අණතුරුව විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහන් තබන ලදි.