Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th September 2019 17:26:13 Hours

දියවරක අස්වැන්න යටිනුවර සංස්කෘතික මංගල්‍ය

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් කඩුගන්නාව යටිනුවර ප්‍රාදේශීය ලේකම් කර්යාලය වෙතින් සංවිධානය කරන ලද සංස්කෘතික මංගල්‍ය 2019.09.05 සහ 06 වන දෙදින තුල කඩුගන්නාව සුනිල් එස් අබේසුන්ඳර ක්‍රිඩාංගනයේදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත් වන ලදී.

මෙම ප්‍රදර්ශනය සඳහා යුද්ධ හමුදා සමාජිකයින් 3 x 45ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගිවු අතර, ඔවුන් විසින් ඉදිරි පත් කර තිබු ප්‍රගුන වෙඩික්කරු පුහුණු පාසල සංවිධානය කළ වෙස් වලාගත් සංග්‍රාමික යුධ භඨයින් සහ සැඟවුණු වෙඩික්කරුවන්ගේ නිදර්ශනය, විශේෂකාර බළකායේ ධාවන පැදිකරුවන් දෙ‍දෙනකු අවිසමඟ ප්‍රදර්ශණය කිරීම,ශ්‍රිලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද 76 ම්ම් පවුන්ඩර් කාලතුවක්කු ප්‍රදර්ශණ වෙඩිමුර සංදර්ශනයක් සහ ආධුනිකයින් බඳවාගැනීමේ අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙතින් ශ්‍රිලංකා යුද්ධ හමුදාව වෙත ආධුනිකයින් බඳවාගැනීමේ කාර්යාලක් එම ස්ථානයේ ස්ථාපිත කරන ලදී.

තවද, මෙම උත්සව අවස්ථාව සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් කීපදෙනෙකුත් මෙන්ම එම ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මෙම උත්සව අවස්ථාව නැරඹීම සඳහා සහභාගිවුහ.