Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th September 2019 11:22:39 Hours

හල්දුමුල්ල ශ්‍රි සුධර්මාරාම පුරාණ විහාරයේ වාර්ශික නෙළුම් මල් පූජාව 2019‍

හල්දුමුල්ල ශ්‍රි සුධර්මාරාම පූරාණ විහාරස්ථානය මගින් 8 වන වරටත් සංවිධානය කරනු ලබන වාර්ශික නෙළුම් මල් පූජාව 2019.09.07 වන දිනට පැවැත් වීමට කටයුතු සූදානම් කර තිබුනු අතර, මෙම උත්සව අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය ලබා දෙන ලෙස එම විහාරයේ විහාරාධිපති පුජ්‍ය කහගොල්ලේ ආනන්ද හිමිපානන් වහන්සේ විසින් මෙම ආසේමු මධ්‍යම වෙතින් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම මෙම නෙලුම් මල් 50000සක් පුබුදුවාලීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම රාජකාරි නියතු 00x15 භඨපිරිස් ප්‍රමාණයක් සහභාගිවී එම උතුම්වූ පුණ්‍යමය කටයුත්ත සර්ථක ලෙස පැවැත්වු අතර, මියගිය රණවිරුවන් උදෙසා සෙත් පතා මෙම පිංකම් අවස්ථාව සාර්ථකව නිම කරන ලදී.