Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th August 2019 17:06:47 Hours

23 වන යුද්ධ හමුදාධිපති සිය ධූරයේ රාජකාරි භරගැනිමෙන් පසු ඓතිහාසික පුඳබිමක් වු මහනුවර ශ්‍රි දළඳා වහන්සේ වැඳපුදා ගැනිමේ විශේෂ අවස්ථාව

ආරක්‍ෂක සේනා මූලස්ථාන මධ්‍යම බළප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති වශයෙන් පත්වු ලුතිතන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු 2019.08.25 වන දින මල්වතු, අස්ගිරි දෙපාර්ශවයන්හි මහනාහිමිවරුන් බැහැදැක මහනුවර ශ්‍රි දළඳා මාළිගාව වැඳපුදා ගන්නා ලදි.

මහනුවර දළඳා මලිගාව වැදපුදාගැනීමට සපැමිණි යුද්ධ හමුදාධිපති තුමන් පිළිගැනීම සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා 11 සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මෙන්ම 111 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රෑසක් එම ඓතිහාසික භූමි පරිශ්‍රය වෙත පැමිණි අතර, මහනාහිමිවරු බැහැදැකිමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහනක් තබා යුද්ධ හමුදාධිපති තුමන් යුද්ධ හමුදා මුලස්ථානය වෙත පිටත්ව යන ලදි.