Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th August 2019 16:53:27 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) වෙතින් ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත හපුතලේ බෙරගල ශ්‍රි කරුමාල් අම්මාන් කෝවිල් පුදබිම අවට ශ්‍රමදාන වැඩසටහනක් 2019 අගෝස්තු මස 26 වන දින සිදු කරන ලදි.

මෙම වැඩසටහන සඳහා මෙම ආසේමුහි රාජකාරි කරනු ලබන 00 x 07 භඨපිරිසකගේ සහභාගිත්වයෙන් පුදබිම අවට පිරිසිදු කිරිම් කටයුතු සිදු කරනු ලැබු අතර, කෝවිලෙහි ප්‍රධාන පුජක තුමන් හා අනෙකුත් පුජකයින් විසින් මේ සඳහා අනුමැතිය ලබාදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ට හා සහභාගිවු භඨපිරිස්හට මෙන්ම සමස්ථ යුද්ධ හමුදා සාමාජික/සාමාජිකාවන් සිහිපත් කරමින් ආශිර්වාද සිදු කරන ලදි.