Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th July 2019 17:35:15 Hours

මෙම මූල ආඥාපති බ්‍රිතාන්‍ය හමුදා නිලධාරින් හමුව

ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හමුවීම සඳහා ආරක්ෂක අමාත්‍යන්සය හා යුහමු අනුමැතිය ඇතිව බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ ආරක්ෂක උපදේශක වන “කර්නල් ඩේවිඩ් අශ්මන්” ඇතුලු බ්‍රිතාන්‍ය හමුදා නිලධාරින් හතර දෙනෙකු මෙම මූල පරිශ්‍රය වෙත පැමිණෙන ලදී. ඔවුන් පැමිණිමේ ප්‍රධාන අරමුණ වූයේ බ්‍රිතාන්‍ය හමුදා සහ ශ්‍රිලංකා ත්‍රිවිධ හමුදා එක්ව 2019 ඔක්තෝම්බර් මසයේ පැවැත් වීමට නියමිත “ Humanitarian Aid And Disaster Relief ” පුහුණු අභ්‍යාසය සැබැඳිව සාකච්ඡා කිරීමයි.

එහිදි මෙම මූල බළප්‍රදේයේ ආපදා කළමණානරන කටයුතු, මහජන සම්බන්ධතා ගොඩනැගීමේ ක්‍රියාකාරකම් හා පරිසරය ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා යුද්ධ හමුදාව වෙතින් ලබා දෙනු ලබන දායකත්වය පිළිබඳව ඔවුන් ඉතාමත් පැහැදීමට පත්වන ලදී.