Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th July 2019 15:34:42 Hours

11 වන සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් රාජකාරි භාරගැනිමේ උත්සවය

මෙම මුලය යටතේ පාලනය වන 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ඩබ් ජි එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය තනතුරෙ රාජකාරි 2019 ජුලී මස 09 වන දින 0932 පැයට යෙදුනු සුභ මොහොතින් භාරගන්නා ලදී.

ඒ අනුව නව සේනාංකාධිපති හට 2(සෙව්) ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලද අතර, එම අවස්ථාව සඳහා 11 වන සේනාංකයේ රාඡකාරී නියුතු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්/සෙසුනිලයින් මෙන්ම 111 බසේමු, 112 බසේමු බළසේනාධිපති වරුන් හා ඒකකයන්හි අණදෙන නිළධාරින් සහ සෙසුනිළයින් සහභාගි වන ලදී.

තවද සේනාංකාධිපති විසින් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව තනතුරෙහි වැඩ භාරගැනිම සිදු කල අතර, මෙම අවස්ථාව සිහිකිරිම වස් කඳවුරු භුමිය සිහිවටන පැලයක් රෝපණය කිරීමෙන් පසු සියළු නිළයින් ඇමතීම සිදුකරණ ලදි. තවද එම වැඩසටහන අවසානයේ සේනාංකාධිපති වෙත සියළුම නිළයින් විසින් පිළියෙල කරණ ලද තේපැන් සංග්‍රාහයක් සඳහා සහභාගි වන ලදි.