Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th July 2019 17:15:10 Hours

බංගලිදේශයේ යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකුගේ මහනුවර සංචාරය

ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් පාලනය වන 11 වන සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මහනුවර 2019.07.05 වන දින බංගලිදේශ යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියෙකු වන Maj Gen M D Enayet Ullah BSP, ndu, psc යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුළු දුත පිරිසක් සංචාරය සිදු කරන කරන ලදි.

ඒ අනුව එම ජ්‍යෙෂ්ඨ නිළධාරි පිළිගැනිම සඳහා 111 බළසේනාධිපති කර්නල් ඩබ් ඩි ඩබ් එම් ආර්එස්පි අලුවිහාරේ ආර්ඩබ්පි, ආර්එස්පි, හා 11 සේමු ප්‍රමානි 1 (සම්බන්ධිකරණ) ලුත්තන් කර්නල් එස්යුකේබි සේනානායක ශ්‍රිලකාහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරින් දෙදෙනා විසින් ඔවුන් සුහද අයුරින් පිළිගන්නා අතර, පසුව එම ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුළු දුත පිරිස මහනුවර ජුම්මා මුස්ල්ම් පල්ලිය වෙත ගොස්, අනතුරුව දිවා අහාරය ඝ්‍රන්ඩ් කන්ඩියන් හෝටලය වෙතින් ලබාගෙන 1430 පැයට ‍ඓතිහාසික මහනුවර ශ්‍රි දළඳා මාළිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුළු දුත පිරිස 1600 පමණ පිටත්ව යන ලදී.