Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th July 2019 16:53:53 Hours

11 වන සේනාංක සේනාංකාධිපති තනතුරෙන් නික්මයාමට ප්‍රථම සේනාංක බළප්‍රදේශයේ පාලනය වන බසේමු හා ඒකකයන් වෙත සිය අවසන් නිළ සංචාරය සිදු කිරිම

11 වන සේනාංක මුලස්ථාන සේනාංකාධිපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ටි ජේ නානායක්කාර ආර්ඩබ්පි වීඑස්වි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සේනාංකාධිපති තනතුරෙන් නික්මයාමට ප්‍රථම සේනාංක බළප්‍රදේශයේ පාලනය වන බසේමු හා ඒකකයන්හි සිය අවසාන නිළ සංචාරය සිදු කරන ලදි.

ඒ අනුව 2019.07.01,03 සහ 05 වන දිනයන්හිදී 111 බසේමු, 3 (සෙව්) ශ්‍රිලංසිරෙ, ශ්‍රිලංරබ, 2 (සෙව්) ශ්‍රිලංසිරෙ යන බසේමු හා ඒකකයන් වෙත සේනාංකාධිපති සංචාරය කල අතර, එහිදි කඳවුරු සම්මාන මුරයන්ද සේනාංකාධිපති හට පිදුම් දෙන ලදි. පසුව 2019.07.05 වන දින 11 වන සේනාංක මුලස්ථාන ප්‍රධාන දේශණ ශාලාවේදි භඨපිරිස් අමතන ලද අතර, සියළු නිළයින් සමග සේනාංකාධිපති තුමන් විසින් තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගි වන ලදි.