Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th July 2019 14:51:30 Hours

ඓතිහාසික රුහුණු මහා කතරගම දේව ඇසළ මහා මංගල්‍ය - 2019

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල ඇසළ මහා මංගල්‍ය හා පෙරහැර මංගල්‍ය මෙවරත් 2019.07.03 වන දින සිට 2019.07.17 වන දින දක්වා ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන අතර, ඊට සහභාගිවීම සඳහා උතුර හා නැගෙනහිර ප්‍රදේශ වලින් දමිල බැතිමතුන් පානම, කුමන, යාල හරහා පාද යාත්‍රාව මගින් කතරගමට ලගාවේ.

තවද එම පැමිණෙන බැතිමතුන්ට හා කතරගම දේව මංගල්‍යට පැමිණෙන සියළුම බැතිමතුන් වෙනුවෙන් 12 වන සේනාංක මුලස්ථාන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජි ඩිබි ඩි කේ ජයතිලක යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් සහ රුහුණු මහා කතරගම දේවාලයේ ආධාර සහ සහයෝගය මත මහා බත් දන්සලක් පවත්වන ලදී. එය 2019.07.03 වන දින සිට 2019.07.16 වන දින දක්වා උදේ දිවා රාත්‍රි ආවර්ණය වන අයුරින් මෙම උත්සවයට පැමිණෙන සියළුම බැතිමතුන් සඳහා අහාර පිළිගන්වනු ලබන අතර, මේ සඳහා 12 වන සේනාංකය සහ ඒ යටතේ රාජකාරි කරනු ලබන භඨ පිරිස්වල ශ්‍රමදායකත්වය ලබාදෙන ලදි.