Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th July 2019 18:04:02 Hours

මතින්තොර අනාගත හෙටදිනක් බිහිකිරිමේ උදෙසා මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාම්ව වැඩසටහන් මාලා රැසක් සිදු කිරිම

අතිගරු ජනාධිපති තුමන් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව මතින්තොර අනාගත හෙටදිනක් බිහිකිරිමේ උදෙසා මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමිව ශ්‍රි ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සමාගම් හා පාසල් දරුදරියන් උදෙසා වැඩසටහන් මාලා ක්‍රියාත්මක කිරිමට උපදෙස් ලබාදී ඇති අතර, ඒ අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ වැඩසටහන් මාළා රැසක් බළප්‍රදේශය තුල සිදු කරන ලදි.

එම වැඩසටන්හි දැනුවත් කිරිම සඳහා ආරක්ෂක අමාත්‍යංශ මත්ද්‍රව්‍ය නිවාරණ විද්වත් උපදේශිකා කුමුදුනි ජයතිලක මහත්මිය ඇතුළුව ආසේමු මධ්‍යම ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිළධාරි වශයෙන් රාජකාරි කරනු ලබන ලුතිතන් කර්නල් ඩබ්ලිව් එම් ආර් පි විජේසුන්දර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම අනෙකුත් නිලධාරින්ද සහභාගි වු අතර, මත්ද්‍රව්‍ය භාවිතය තුලින් මිනිසාට ඇතිවන අහිතකර බලපැම් මෙන්ම ඒ තුලින් විවාහා දිවියට පැනනැගෙන අකාර්යක්ෂමතා රැසක් පිළිබඳ සවිස්ථරාත්මකව එළි දැක්වීමක් මගින් පැහැදිලි කර දෙන ලදි.