Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th July 2019 17:23:02 Hours

සියදිවි හානී කර ගැනීමට තැත් කිරිම හා සියදිවි හානි කර ගැනිම වැලැක්වීම සඳහා මනෝවිද්‍යාත්මක දේශණ මාලාවක් පැවැත්වීම

ආරක්ෂාක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සියදිවි හානී කර ගැනීමට තැත් කිරිම හා සියදිවි හානි කර ගැරනීම වැලැක්වීම සඳහා මනෝවිද්‍යාත්මක දේශණයක් ශ්‍රි ලංකා යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් 2019.07.04 වන දින 0900 පැයේ සිට 1600 පැය දක්වා ශ්‍රිලංයුහවීපි ටෝච් සිනාමා ශාලාවේදි පවත්වන ලදි.

ඒ සදහා දේශක මඩුල්ල වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ කර්නල් ඒපිටිඑස් ආරියරත්න ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුළු විද්වත් දේශකයින් තිදෙනෙකු සහභාගි වු අතර, එමගින් මිනිසා විසින්ම මතුකර ගන්නා ගැටළු හේතුවෙන් ජිවිතහානී කරගැනීම් මෙන්ම එයට හොදම පිළිතුරක් වශයෙන් එම ගැටළු නිරාකරණය කර ගනිමින් ජිවිත විද වන්නට නොව විදින්නට ඉඩ ප්‍රස්ථාව දිගහැර ගැනීමට ඉවහල්වන කරුණු කිහිපයක් පිළිබඳව එලිදැක්වීමක් මගින් විස්තරාත්මකව පැහැදිලි කර දෙන ලදි.