06th June 2019 18:05:51 Hours
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ජගත් පරිසර දිනය නිමිත්තෙන් බඹරකන්ඳ රක්ෂිතය තුල රුක්රෝපණය කිරිමේ වැඩසටහනක් ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම මුල ජ්‍යෙෂ්ඨ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි වශයෙන් රාජකාරි ඉටුකරනු ලබන ලුතිතන් කර්නල් ඩබ්ලිව් ආර් එම් පි විජේසුන්දර ශ්‍රිලයුපුබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය මත කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව යටතේ ඇති හදබිම අධිකාරිය හා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව 2019.06.05 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා මෙම මුල ආඥාපති තුමන්, හදබිම අධිකාරියේ සභාපති, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්, හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක් සහභාගී වන ලදී. තවද රෝපන කටයුතු සඳහා 07 x 210 කට අධික භටපිරිස් ප්‍රමාණයක් සහභාගි වු අතර, සමස්ත ජනයා හට අදර්ශයක් බවට පත්කරමින් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩිලෙස පරිහානියට පත් බඹරකන්ඳ රක්ෂිතය හට නැවත ප්‍රාණය දෙමින් පැල 1500 කට අධික ප්‍රමාණයක් මෙහිදී රෝපණය කරන ලදි.