Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th May 2019 12:42:15 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික තනතුර භාරගැනිම

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් විජයබාහු රෙජිමේන්තුවට අයත්, නි/62012 ලුතිතන් කර්නල් කේ ඩි එම් එල් සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විපාරෙ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 මැයි මස 26 වන දින පෙ:ව 0910 පැයට යෙදෙන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ශාඛාවේ සියලු නිලධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.