Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th May 2019 14:42:59 Hours

සාමයේ "දශවර්ෂාභිශේක" සැමරුම් උළෙල - 2019

දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාව තුල පැවති කුරිරු ත්‍රස්ථවාදය මෙරටින් තුරන් කිරීම සදහා රණවිරුවන් දිවිහිමියෙන් රටදැය වෙනුවෙන් සටන්කොට ත්‍රස්ථවාදය මුලින් උපුටා දමා සියළු ලක්වාසී ජනතාවට සාමය, සමගිය සහ සංහිදියාව සහිත රටක් දායාද කර 2019.05.19 වන දිනට දසවසරක් සපිරීම නිමිති කොට ගෙන ඒ වෙනුවෙන් යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ආසේමූ බළප්‍රදේශයේද ඉතා උසස් අයුරින් "දශවර්ෂාභිශේක" පා ගමණක් පවත්වන ලදී.

ඒ අනුව "දශවර්ෂාභිශේක" සැමරුමෙහි ප්‍රධාන අංගයක් ලෙස 2019.05.22 වන දින 0800 පැයේ සිට මෙම ආසේමූ බළප්‍රදේශය තුල පිහිටා ඇති ප්‍රධාන නගරය වන මහනුවර නගරය කේන්ද්‍ර කර ගණිමින් මහනුවර පේරාදෙනිය මාර්ගයේ ආර්පිකෝ ආයතනය අසල සිට 2 (සෙව්) ශ්‍රීලංසිරෙ දක්වා (රජවීදිය දක්වා) සේමූ/බසේමූ සහ ඒකකයන්හී රාජකාරීන්හී නියුතු 96 x 630 ක භට පිරිසක් සහභාගීත්වයෙන් පා ගමන පවත්වන ලදී.