Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th May 2019 10:10:34 Hours

මතින් තොර රටක් යන තේමාව යටතේ දේශණයක් පැවැත්වීම

මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත 2019.05.15වන දින 0900 පැයේ සිට1400 පැය දක්වා මෙම මූලය යටතේ ඇති ඒකක/පුපාහි රාජකාරි නියුතු නිලධාරී/සෙසුනිළයින් උදෙසා මතින් තොර රටක් යන තේමාව යටතේ අගනා දේශණයක් සෙව්බපුපා ප්‍රධාන දේශණ ශාලාවේදී පවත්වන ලදී.

ඒ අනුව එම දේශණයේ ප්‍රධාන දේශක වශයෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ නීති අංශ ප්‍රධානි අජිත් නවගමුව මහතා සහභාගිවු අතර, මතින් තොර රටක් යන තේමාව යටතේ විස්තරාත්මකව පුළුල් දැනුමක් ලබාදෙන ලදි. තවද මෙම දේශනය සඳහා භඨපිරිස් 03 x 124ක ප්‍රමාණයක් සහභාගි වන ලදී.