Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th May 2019 21:36:27 Hours

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය - 2019

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය - 2019 මයිලපිටිය උද්‍යානයේදී 2019.05.14 වන දින 0900 පැයේ සිට 1130 පැය දක්වා ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත් වන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා සටනේදී මියගිය, අතුරුදහන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ළගම ඥාතීන් 500 දෙනෙකු පමණ සහභාගී වූ අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ ගරු මෛත්‍රි ගුණරත්න මැතිතුමා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා අරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩිලිවිපි ආර්එස්පි යුඑස්පි එන්ඩියු යන ෙජ්‍ය්ෂ්ඨ නිළධාරි සහ 11 සේනාංකයේ ව්‍යාපෘති භාර නිළධාරි බ්‍රිගේඩියර් එචි එම් එස් හේරත් මෙන්ම 111 බසේමු බළසේනාධිපති කර්නල් ඩබ්ලිව් බී ඩබ්ලිව් එම් අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ෙජ්‍ය්ෂ්ඨ නිළධාරි වරුන් ඇතුළුව 111 බළසේනාවේ සහ ඒ යටතේ පාලනය වන බළඇණි වෙතින් නිළධාරි හා සෙසු නිළයින් රැසක් මෙන්ම නාවික හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය නිළධාරින් සහ පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වන ලදී.