Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th May 2019 22:25:53 Hours

මෙම මුලයෙහි පාලන ශාඛාවේ නව මාණ්ඩලික නිලධාරි 1 (පාලන) තනතුර භාරගැනිම

ආරක්ෂක සේනා (මධ්‍යම) හි පාලන ශාඛාවේ නව මාණ්ඩලික නිලධාරි 1 (පාලන) වශයෙන් ගජබා රෙජිමේන්තුවට අයත්, ලුතිතන් කර්නල් ජි ආර් ජි රණසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 මැයි මස 13 වන දින පෙ:ව 0855 පැයට යෙදෙන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටුකර දැනුම් සමිභාරයක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සදහා පාලන ශාඛාවේ සියලු නිලධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව මණ්ඩලික නිලධාරි 1 (පාලන) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.