Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th May 2019 22:06:48 Hours

නව ආරක්ෂ‍ක ලේකම් තුමාගේ මහනුවර සංචාරය

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් පාලනය වන 11 වන සේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් මහනුවර ප්‍රදේශයේ සංචාරය සඳහා වත්මන් ආරක්ෂක ලේකම් ධුරය හොබවන හිටපු යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එස්එම් ශාන්ත කොට්ටගොඩ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු (විශ්‍රාමික) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම මැතිණිය පැමිණි අතර, ප්‍රථමයෙන් ශ්‍රි දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක හිමිපානන් වහන්සේ හා අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිපානන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදී. එම අවස්ථාව සදහා 11 සේනා මුලස්ථාන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානායක්කාර ආර්ඩබ්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු සහභාගි වන ලදි.