09th April 2019 16:22:10 Hours
අළුත් අවුරුද්ද සංස්කෘතික වශයෙන් අප්‍රේල් හෙවත් බක් මාසයේ සමරනු ලබන අතර, අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි. රටේ බහුතර ජනතාව බෞද්ධයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුකතාවය දෙමින් සිංහල අවුරුදු වත් පිලිවෙත් කිරීමට අදත් ශ්‍රි ලාංකික ජනතාව හුරු පුරුදු වී සිටිති. ඒ අනුව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත 2019 නව බක්මහ සැනකෙළිය සියළු සංස්කෘතීන්ට මුල්තැන දෙමින් දියතලාව මුතුකුමරු ක්‍රිඩාංගනයේ අති උත්කර්ෂවත් අයුරින් 2019.04.08 වන දින පවත්වන ලදි.
මෙම සංස්කෘතික මංගල්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම මූල ආඥාපතිතුමා මෙන්ම එම මැතිනිය වන ලුද්මිලා ද සිල්වා මහත්මිය සහභාගී වූ අතර, ආරක්ෂක සේනා මූලස්ථානයේ රාජකාරී කරනු ලබන නිලධාරී/සෙසුනිළයින්, සිවිල් සේවක මහතුන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වන ලදී. තවද, මෙම අලුත් අවුරුදු උත්සවයේ මැරතන් තරගය, කඹ ඇදීම, අවුරුදු කුමාරා/ කුමරිය තේරීම, පොල් ගෑම, කණාමුට්ටිය බිඳීම, බැලුම් පිපිරවීම, ලිස්සන ගහේ නැගීම, ආදී තරග මෙන්ම ඔළිඳ කෙළිය, රබන් වාදනය, කොට්ටා පොර , ඇතුළුව ජන ක්‍රිඩා රැසකින් සමන්විත විය. පසුව මෙම බක්මහා උළලේදි පැවැත්වු සියළු තරඟයන්හි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට ආඥාපති හා එම මැතිණිය මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සුරතින් ත්‍යාග ප්‍රධානය සිදුකරමින් සියළු කටයුතු නිමාවට පත් කරන ලදි.