Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th March 2019 09:03:37 Hours

ආසේමු (මධ්‍යම) බළප්‍රදේශය තුල පාලනය වන සේමු/ බසේමු/ ඒකක හා පුහුණු පාසල්හි සහභාගිත්වයෙන් එල්ලේ තරගාවලියක් පැවැත්වීම

ආසේමු (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර්පි ද සිල්වා යුඑස්පි එන්ඩියු අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත 18 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එස් ජේ එන් එන් එස් පෙරෙරා යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය මත 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පීඩබ්ලිව්ඩීකේ ජයතිලක යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් සේමු/බසේමු/ඒකක හා පුහුණු පාසල්හි රාජකාරි කරණු ලබන භඨපිරිස් සභාගිත්වයෙන් එල්ලේ තරගාවලියක් 2019.03.15 හා 16 යන දිනයන් තුල ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලදි.

මෙම තරගාවලිය නැරඹිම සදහා ආසේමු (මධ්‍යම) වෙතින් පාළනය වන සියළුම සේමු/බසේමු/ඒකක මෙන්ම පුහුණු පාසල් වෙතින් විශාල භඨපිරිස් ප්‍රමාණයක් සහභාගිවු අතර, තරගයේ ශූරතාවය 3 ශ්‍රිලංජාආබමු ඒකකය වෙතින් ලබා ගත් අතර, අනු ශූරතාවය 9 ශ්‍රිලංසිරෙ ඒකකය වෙතින් ලබා ගන්නා ලදි. තවද, මෙම තරග අවසානයේ කුසලාන සහ සහාතිකපත් ජයග්‍රහකයින් හට ප්‍රධානය කිරිම සදහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වන ලදි.