Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th March 2019 20:56:31 Hours

2018 වර්ශයේ ශ්‍රිලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැසිපන්දු තරගාවලිය

2018 වර්ශයේ ශ්‍රිලංකා යුධ හමුදා අන්තර් රෙජිමෙන්තු පැසිපන්දු තරගාවලිය ශ්‍රිලංකා යුද්ධ හමුදා පැසිපන්දු කමිටු සභාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර්පි ද සිල්වා යුඑස්පි එන්ඩියු අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණය යටතේ පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ පැසි පන්දු ක්‍රිඩා පිටියේදි පැවැත්වෙන ලදි. එමෙන්ම කාන්තා හා පිරිමි අවසන් මහා තරගය 2019.03.15 වන දින ශ්‍රිලංකා යුද්ධ හමුදාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු අතර, තරගාවලිය අති සාර්ථක අන්දමින් නිමාවට පත් විය.

මෙම පැසිපන්දු තරගාවලියේ කාන්තා ශුරතාවය ශ්‍රිලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා කාන්තා පැසිපන්දු කණ්ඩායම විසින් දිනාගත් අතර, අනු ශූරතාවය ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය විසින් දිනා ගන්නා ලදි. කාන්තා අංශයේ දක්ෂතම ක්‍රිඩිකාවියට හිමි සම්මානය හා සහතික පත්‍රය ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බළකා කාන්තා කණ්ඩායමේ සාමාජික සෙ/ඕ102772 සාසෙ සෝබා වී යන ක්‍රිඩිකාවිය විසින් දිනාගන්නා ලදි.

තවද, පිරිමි ශුරතාවය ශ්‍රිලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය විසින් දිනා ගන්නා ලද අතර, අනු ශුරතාවය ශ්‍රිලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි. එමෙන්ම පිරිමි කණ්ඩායමේ දක්ෂතම ක්‍රිඩකයාට හිමි සම්මානය හා සහතික පත්‍රය ශ්‍රිලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බළකා කණ්ඩායමේ සාමාජික සෙ/109704 ලාන්ස් කෝප්‍රල් සොයිසා යන ක්‍රිඩකයා විසින් දිනා ගන්නා ලදි.