Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th March 2019 12:36:06 Hours

දියතලාව විරුකැකුළු පෙරපාසලෙහි ඉගනුම ලබන දරුදැරියන් සඳහා වෛද්‍ය සායනයක් පැවැත්වීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන දියතලාව විරුකැකුළු පෙර පාසලෙහි ඉගනුම ලබන දරුදැරියන් සඳහා වෛද්‍ය සායනයක් යුද්ධ හමුදා මුලික රෝහල දියතලාව වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් හා එම පෙර පාසල භාර සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාව වන ලුද්මිලා ද සිල්වා මැතිණියගේ අධික්ෂණය හා මගපෙන්වීම මත 2019 මාර්තු මස 13 වන දින දියතලාව විරුකැකුළු පෙර පාසලේදි පවත්වන ලදි.

මෙම වෛද්‍ය සායනය සඳහා එම පෙර පාසලේ ඉගනුම ලබන දරුදැරියන්ගේ දෙමාපියන් හා ගුරුභවතුන්ගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව සිදු කරන ලදි.