Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd January 2019 15:44:50 Hours

යුද්ධ හමුදාව තුල ආහාරයට ගනු ලබන මත්ස්‍යයන් පරිභෝජනය කිරිම සැබැදිව දේශනයක් පැවැත් වීම

යුද්ධ හමුදාව තුල ආහාරයට ගනු ලබන මත්ස්‍යයන් පරිභෝජනය පිළිබද දැනුවත් කිරිමේ දේශණයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ්සිජිඑස්සි යන නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ 2019.01.22 වන දින උදෑසන 0900 පැයේ සිට 1600 පැය දක්වා කාලය තුලදී මෙම මුලයේදි පවත්වන ලදි.

තවද, එම දේශණය සදහා මෙම මුලය හා යටතේ පාලනය වන සේමු/බසේමු/ඒකක/පුපාහි රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් 26x81 ක් සහභාගි වු අතර, දේශනය මනා අයුරින් පැහැදිලි කිරිම සදහා කොළඹ නාරා ආයතනයේ සේවය කරන අාචාර්‍යය මණ්ඩලයක් විසින් සියලුම යුධ හමුදා සමාජිකයින්හට ආහාරයට ගනු ලබන මත්ස්‍යයන් පරිභෝජනය කිරිම සැබැදිව අනුගමනය කලයුතු ක්‍රියාවලිය හරවත් අයුරින් පැහැදිලි කරදෙන ලදි.