Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th January 2019 14:38:06 Hours

නව පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා මුල්ගල තැබිමේ උත්සවය

ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම මත හේමාස් අයතනයේ පුර්ණ අනුග්‍රහය යටතේ බන්ඩාරවෙල නගරයේ දි නව පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා 2019 ජනවාරි මස 19 වන දින 0940 පැයට යෙදුනු සුභ මොහොතින් මුල්ගල් තැබීම සිදු කරන ලදි.

තත් අවස්ථාව සදහා මෙම මුල ආඥාපති, බණ්ඩාරවෙල නගරාධිපති ජානක රත්නායක මහතා, හේමාස් ආයතනයේ OUTREACH පදනමේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාල මහත්මිය, TIEIDNES සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීවන් එන්ඩර්බි මහතා සහ හේමාස් ආයතනයේ නියෝජිතයින් මෙන්ම මෙම මුලය යටතේ රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිළයින්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව සිදු කරන ලදි.