Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th January 2019 22:05:17 Hours

පාසල් දරුවන් සඳහා පොත් බෙදාදීමේ වැඩසටහන.

ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම මත ලුතිතන් කර්නල් ඩබ්ලිව් එම් ආර් පි විජේසුන්දර යන නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ පොත් බෙදාදිමේ වැඩසටහනක් කොටමුදුන - පස්සර මො/රනුගල්ල මහා විද්‍යාලයේදි 2019 ජනවාරි මස 17 වන දින පවත්වන ලදි.

මෙම පොත් බෙදාදීම ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලද අතර, මෙමගින් මහත් දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනීමට වෙරදරණ මෙම දරු දැරියන්ගේ ඉගෙනිමේ කටයුතු සාර්ථක කර ගැනිම සඳහා සිදුකරන ලද මෙම පරිත්‍යාගය එම දරු දැරියන්ගේ මවුපියන් මෙන්ම ගුරුභවතුන්ගේ මහත් පැසසුමට ලක්වන ලදි.