Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th January 2019 21:45:52 Hours

12 වන සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් රාජකාරි භාරගැනිමේ උත්සවය

මෙම මුලය යටතේ පාලනය වන 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ජි ඩබ්ලිව්පි කේ ජයතිලක යුඑස්පි එන්ඩියු යන නිළධාරි සිය තනතුරෙන් රාජකාරි 2019 ජනවාරි මස 16 වන දින 0932 පැයට යෙදුනු සුභ මොහොතින් භාරගන්නා ලදී.

තවද නව සේනාංකාධිපති හට 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලද අතර, එම අවස්ථාව සඳහා 12 වන සේනාංකයේ රාඡකාරී නියුතු සියළුම ‍ජ්‍යේෂ්ඨ නිලධාරින්/සෙසුනිලයින් මෙන්ම 12 වන සේනාංකය යටතේ පාලනය 121 බසේමු, 122 බසේමු බළසේනාධිපති වරුන් හා ඒකකයන්හි අණදෙන නිළධාරින් සහ සෙසුනිළයින් සහභාගි වන ලදී. තවද සේනාංකාධිපති විසින් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ නව තනතුරෙහි වැඩ භාරගැනිම සිදු කල අතර, මෙම අවස්ථාව සිහිකිරිම වස් කදවුරු භුමිය තුල සඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසු සියළු නිළයින් ඇමතිම සිදුකරණ ලදි. තවද එම වැඩසටහන අවසානයේ සේනාංකාධිපති වෙත සියළුම නිළයින් විසින් පිළියෙල කරන ලද තේපැන් සංග්‍රහයක් සදහා සහභාගිවන ලදි.