Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th January 2019 13:17:44 Hours

බ/කිරවනාගම නවෝද්‍යා මහා විද්‍යාලයේ තෙදින නායකත්ව පුහුණු කඳවුරක් පැවැත්වීම

ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති හල්දුමුල්ල ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් බ/කිරිවනාගම නවෝද්‍යා මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා තෙදින නායකත්ව පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ්සිජිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් යටතේ 2019.01.11,12, සහ 13 වන දිනයන් හිදි එම විද්‍යාල පරිශ්‍රයේදි සිදු කරන ලදි.

තත් නායකත්ව තෙදින පුහුණු කඳවුර සඳහා යුධ හමුදා පුහුණු පාසල් හා ඒකකයන්හි රාජකාරි කරනු ලබන නිලධාරින් හා සෙසුනිලයින් 02 x 12 සහභාගි වු අතර, එම සිසු සිසුවියන් සඳහා නායකයෙකු ලෙස ක්‍රියා කලයුතු ආකාරය පිළිබඳව දේශණ හා ක්‍රියාකාරකම් මගින් උපදේශකයින් විසින් මනාව පැහැදිලි කරදෙන ලදි. තවද මෙම ක්‍රියාකාරකම් සඳහා එම පාසලෙහි ඉගෙනුම ලබන දරු දැරියන් 61 දෙනෙකු සහභාගිවු අතර, සියළුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා දේශණයන් අවසනයේදි එම පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් යුද්ධ හමුදාධිපති තුමන් ඇතුලු සමස්ථ යුධ හමුදාවට මෙන්ම උපදේශක දායකත්වය දුන් නිලධාරින් හා සෙබළ සෙබළියන් හට තම ස්තුතිය පුද කරන ලදි.