Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th January 2019 13:01:21 Hours

12 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් නික්ම යැමේ උත්සවය

මෙම මුලය යටතේ පාලනය වන 12 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකල මේජර් ජෙනරල් එන් ඩි වන්නිආරච්චි ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය තනතුරෙන් නික්මයාම නිම්තිකොටගෙන 2019 ජනවාරි මස 14 වන දින සේනාංකාධිපති වෙත 18 වන ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් එම මුල සරඹ භූම්යේදී සිදු කරන ලදී.

එම අවස්ථාව සඳහා එම මුලයෙහි රාජකාරි නියුතු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් හා 12 වන සේනාංකය යටතේ පාලනය 121 බසේමු, 122 බසේමු යන්හි බළසේනාධිපති වරුන් මෙන්ම ඒකකයන්හි අණදෙන නිළධාරින් සහ සෙසුනිළයින් සහභාගි වු අතර, ඉන් අනතුරුව සේනාංකාධිපති තුමන් විසින් කදවුරු භුමියේ සඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසු සියළුම නිළයින් ඇමතිම සිදුකරණ ලදි. තවද එම වැඩසටහන අවසානයේ සේනාංකාධිපති තුමන් වෙත සියළුම නිළයින් විසින් පිළියල කරණ ලද තේපැන් සංග්‍රහයක් සදහා සහභාගිවන ලදි.