Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th January 2019 12:19:18 Hours

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිලවශයෙන් පත් කිරිමේ ජාතික මහෝත්සවය

අතිගරු ජනාධිපති තුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තිරණය පරිදි මාතලේ අළුවිහාර රජමහා විහාරස්ථානයේහි තැන්පත් කොට ඇති ත්‍රිපිටකය නිල වශයෙන් ජාතික උරුමයක් බවට පත් කිරිමේ මහෝත්සවය ජනාධිපතිතුමන් ප්‍රධානත්වයෙන් හා මැතිඇමතිවරුන්, යුද, ගුවන්, නාවික, හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් 2019.01.05 වන දින මාතලේ අළුවිහාරයේදි සිදුකරන ලදී.

තත් පුන්‍යමය කටයුත්ත ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේඡර් ඡෙනරල් ඩබිලිවි ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිඡී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත 11 වන සේනාංකාධිපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ 0900 පැයේ සිට 1000 පැය දක්වා කාලය තුල සිදුකරන ලද අතර, එම අවස්ථාව සදහා වැඩම කරන ලද භික්ෂු, භික්ෂුණීන් වහන්සේලා 1500 නමක් හට මාතලේ අළුවිහාරය මහා විද්‍යාල භූමියේදී යුද්ධ හමුදා නිලධාරි හා සෙසුනිලයින් 10 x 600 ක අධික ප්‍රමාණයක් සහභාගිත්වයෙන් දහවල් සාංගික දානයක් පිළියෙලකර පිළිගැන්වූ අතර, ඒ සදහා සහභාගිවු යුද්ධ හමුදාධිපති ඇතුලු සමස්ථ යුධ හමුදා සාමාඡිකයන් හට ගරුතර මහා සංඝරත්නය විසින් ආශීර්වාද හා පිං අනුමෝදන් කරන ලදී.