Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th December 2018 10:17:33 Hours

S 5 සංකල්පය තුලින් රටේ ඵලදායිතාවය හා කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳ දේශනයක් පැවැත්වීම

යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ රාජකාරි නියුතු සාමාජික/සාමාජිකාවන් උදෙසා S 5 සංකල්පයට අනුව මගින් එදිනෙදා වැඩරාජකාරි හා රටේ ඵලදායිතාවය මෙන්ම කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්නේ කෙසේද පිලිබඳව අඟනා දේශනයක් ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත 2018.12.18 වන දින 0900 පැයේ සිට 1400 පැය දක්වා පවත්වන ලදී.

ඒ අනුව එම දේශනයේ ප්‍රධාන දේශක වශයෙන් ජාතික ඵලදායිතා සම්මේලණනයේ මොණරාගල දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ අරුණ ක්‍රිෂාන්ත මහතා සහභාගි වු අතර, ඵලදායිතාවය යන්නෙහි අර්ථකතනය පිළිබදව මනා අයුරින් පැහැදිලි කර දී එමගින් කාර්යක්ෂමතාවය, පිලිවෙල පිරිසිදුභාවය හා ප්‍රතිඵලදායිතාවය පිළිබඳව විස්තරාත්මකව පැහැදීලි කරදෙන ලදි. තවද, මෙම දේශනය සදහා මෙම මුලය හා යටතේ පාලනය වන සේමු/බසේමු/ඒකක/පුපාහි රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරින් මෙන්ම භඨපිරිස් 30X150 ක ප්‍රමාණයක් සහභාගි වන ලදී.