Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th December 2018 12:02:03 Hours

ආඥාපති තුමන්ගේ 12 සේනාංක මුලස්ථාන හා බළප්‍රදේශයේ සංචාරය

ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ආඥාපති ලෙස රාජකාරි භාරගැනිමෙන් පසු දෙවන නිල සංචාරය වශයෙන් 12 සේනාංක මුලස්ථානය හා බළප්‍රදේශය තුළ 2018 දෙසැමිබර් 11 සහ 12 දිනයන් හිදී සංචාරය කරන ලදි.

ඒ අනුව 2018 දෙසැම්බර් මස 11 වන දින 12 සේනාංකයේ සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරතවු අතර, එහිදී 18 වන ගැමුණු හේවා බළඇණිය වෙතින් කදවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් ආඥාපතිතුමා වෙත පිරිනමන ලදි. පසුව එම සංචාරය සිහිකරනු වස් හදුන් පැලයක් එම සේනාංක පරිශ්‍රයේදි රෝපණය කරන ලදි. ඉන් අනතුරුව 12 වන සේනාංකය හා යටතේ ස්ථානගත බසේමු/ඒකක භඨපිරිස් ඇමතිම 12 වන සේනාංක දේශන ශාලාවේදි සිදු කිරිමේන් අනතුරුව එම සේනාංකයේ සියළු නිළයින් විසින් පිළියෙල කරන ලද තේ පැන් සංග්‍රහයක් සදහා සහභාගි වීමෙන් පසු විශේෂ අමුත්තන් සටහන් තැබීමේ පොතේ සටහනක් තබන ලදි.

තත් සංචාරයට සමගාමිව ආඥාපතිතුමා විසින් කතරගම ප්‍රදේශයේ ස්ථානගත 3 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සංචාරය කිරිමෙන් අනතුරුව 2018 දෙසැම්බර් 12 වන දින එම ප්‍ර දේශයට අයත් හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල හා සුරියවැව ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ නිරික්ෂණ චාරිකාවක නිරතවන ලදී.