Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th December 2018 08:55:44 Hours

ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීම

මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් යුද්ධ හාමුදාධිපති තුමාන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ඡ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ උපදෙස් පරිදි මෙම මුලය යටතේ පාලනය වන 12 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපතිගේ අධික්ෂණය හා මගපෙන්වීම මත 18 වන ගැමුණු හේවා බළඇණිය හා 3 ශ්‍රී ලංකා ජතික ආරක්ෂක බළමුළුවේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක් 2018 නොවැම්බර් මස 30 වන දින හා 2018 දෙසැම්බර් මස 02 වන දින පවත්වන ලදී.

ඒ අනුව 12 වන සේනාංක බළප්‍රදේශයට අයත් ඔක්කම්පිටිය ප්‍රාදේශීය රෝහලේ දි 18 වන ගැමුණු හේවා බළඇණියේ රාජකාරි නියුතු 01 x 05 කින් යුත් භඨපිරිසක් හා කතරගම දිසා රෝහලේදි 3 ශ්‍රී ලංකා ජතික ආරක්ෂක බළමුළුව යටතේ රාජකාරි නියුතු 01 x 10 කින් යුත් භඨපිරිසකගේ සහභාගිත්වයෙන් එම රෝහල් පරිශ්‍රයන් හා අවට ප්‍රදේශයන් පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරන ලදි.