Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th November 2018 21:22:20 Hours

ලෝකාන්තයෙන් පහලට වැටීමෙන් මිය ගිය ජර්මන් ජාතික කාන්තාවගේ මලසිරුර සොයා ගැනීම සඳහා යුද්ධ හමුදා දායකත්වය ලබාදීම

ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ලෝකාන්තය නැරඹිමට 2018.11.11 වන දින පැමිණි ජර්මන් ජාතික විදෙස් කාන්තාවක් ඡයාරූප ගැනිමට සැරසීමේදි පයලිස්විමෙන් ඉන් පහලට ඇද වැටි මියයාම හේතුවෙන් එම සිරුර සොයා ගැනීම සදහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත හා 112 වන බළසේනාධිපති බ්‍රිගේඩියර් එම් ඩබිලිව් ඒ ඒ විජේසුරිය ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය හා සහභාගිවිමෙන් 2018 නොවැම්බර් මස 11 හා 12 යන දෙදින තුල බලංගොඩ නන්පේරියල් වතුයාය හරහා එම ස්ථානය වෙත ලගාවී භඨපිරිස් යොදවා මලසිරුර සෙවිමේ කටයුතු සිදු කරන ලදී.

ඒ අනුව එම සිදුවීම 11 වන සේනාංකය වෙත සැලවීමත් සමඟ එම ස්ථානයට ආසන්නතම යුද්ධ හමුදා කඳවුර වන 3 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් 02x18 ක භඨපිරිසක් මුදවා ගැනිම් කටයුතු සඳහා පිටත් කරන ලද අතර, ඔවුන් මහත් පරිශ්‍රමයක් යොදා 2018.11.11 වන දින 1240 පැයට පමණ එම කාන්තාව වැටිසිටි ඇති ස්ථානය සොයා ගන්නා ලදි. කෙසේ වුවද ඒ වන විටත් එම කාන්තාව ජිවිතක්ෂයට පත්වී සිටි ඇති අතර, අඩි 4000 ක් පමණ ප්‍රපාතයෙන් එම සිරුර කරමත රැගෙන ඒමට දැඩි පරිශ්‍රමයක් දැරිමට සිදුවිය, අධික ප්‍රපාතයකට මල සිරුර වැටීතිබිම හේතුවෙන් හෝටන්තැන්න දෙසට එය ගැනිමට නොහැකි වී ඇති අතර, 3 (සෙව්) ශ්‍රිලංසිරෙ වෙතින් 02x20 ක තවත් අතිරේක භටපිරිස් ප්‍රමාණයක්ද, ආසේමු මධ්‍යම වෙතින් 01x16 භටපිරිසක් ප්‍රමාණයක්ද, ආසේමු බටහිරට අයත් 8 ගැහේබ වෙතින් 02x15 භටපිරිස් ප්‍රමාණයක්ද මෙම භාරදුර කාර්ය සදහා ආසේමු මධ්‍යම ආඥාපති නියමයෙන් යොදවන ලදි. මෙම ස්ථානයට ලගාවිය හැකි පහසුම මාර්ගය සමනලවැව පොලිස් බළප්‍රදේශයට අයත් නන්පෙරියල් තේ වතු යාය හරහා වැට් තිබෙන අතර, 112 බළසේනාධිපති ඇතුළු පිරිස එම මාර්ගය හරහා විදෙස් කාන්තාවගේ දේහය වැටි ඇති ස්ථානය වෙත ලගාවන ලදී. මේ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ට අමතරව වනජිවි නිලධාරිවරුන් කිහිපදෙනෙකු හා පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුද සහාය ලබාදෙන ලදි.

2018 නොවැම්බර් මස 12 වන දින 2135 පැයට පමණ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම මළ සිරුර රැගෙනවිත් සමනල්වැව පොලිස් ස්ථානය වෙත භාරදී මෙන් අනතුරුව මෙම කාර්ය නිමකර ලද අතර, භඨපිරිස් කඳවුර වෙත පැමිනෙන විට පසුදා අලුයම වන ලදි.