Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th November 2018 12:33:32 Hours

11 සේමු විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන දුදරුවන්ගේ කුසලතාවයන් හා හැකියාවන් එළිදැක්වීමේ වාර්ෂික විවිධප්‍රසංගය - 2018

ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ ස්ථාපිත කර ඇති 11 සේනාංකය යටතේ පාලනය වන පල්ලේකැලේ විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන දුදරුවන්ගේ කුසලතාවයන් හා හැකියාවන් එළිදැක්වීමේ ප්‍රසංගය 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ පුර්ණ උපදෙස් හා අධීක්ෂණය යටතේ 2018.11.07 වන දින පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ විද්‍යපීඨ උත්සව ශාලාවේදී පවත්වන ලදී.

එම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිනි අනුෂා ප්‍රනාන්දු මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මේ සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් කිහිපදෙනෙකු මෙන්ම 11 වන සේනාංක මුලස්ථානයේ රාජකාරි නියුතු ජ්‍යේෂ්ඨ නිළධාරින් රැසක් මේ අවස්ථාව සදහා සහභාගි වන ලදි.