Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th November 2018 12:20:45 Hours

මහනුවර මහාමායා විදුහලේ බාළදක්ෂිකාවන් හට SEGNO ගවේෂණ තරඟාවලිය සඳහා යුද්ධ හමුදා සහය ලබා දීම

ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ ස්ථාපිත මහනුවර මහාමායා බාලිකා විදුහලේ බාළදක්ෂිකා කණ්ඩායමේ සිසුවියන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන SEGNO ගවේෂණ තරඟාවලිය සඳහා මෙවරද මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත යුද්ධ හමුදා උපදේශකත්වය ලබාදී 2018.11.03 වන දින උදැසන 0630 පැයේ සිට 1800 පැය දක්වා දුණුමඩලාව රක්ෂිතයේදි සිදු කරන ලදි.

මෙම ගවේෂණ තරගාවලිය 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානායක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධික්ෂණය මත 111 බසේමු හා සංඥාපුපා හි උපදේශකයින්ගේ උපදේශකත්වය හා සහයෝගය මත තාරඟාවලිය සර්ථක ලෙස අවසන් කරන ලදී.