Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th October 2018 15:37:15 Hours

ආරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන නව ආඥාපති තුමන් වැඩ භාර ගැනිම

මෙම මුලයෙහි 9 වන ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පි ද සිල්වා යුඑස්පි එන්ඩියු අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී සිය නව තනතුරේ රාජකාරින් භාරගැනීම 2018 ඔක්තෝබර් මස 25 වන දින 0945 පැයට යෙදුනු සුභ මොහොතින් සිදු කරනු ලැබු අතර, 18 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් මෙම මුල රොන්ඩව් සරඹ භූම්යේදී පිරිනමා ආඥාපති තුමන් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව ආඥාපති තුමන් විසින් සියළුම ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු අනෙකුත් නිළධාරින් හා සෙසුනිළයින් ඇමතිම සිදුකරණු ලැබු අතර, නව තනතුරේ වැඩභාරගැනිම සිහිකරවීම වස් කදවුරු භුමියේ දි නා පැලයක් රෝපණය කරන ලදි. මෙම වැඩසටහන අවසානයේදි ආඥාපති තුමන් සියළුම නිළධාරින්/සෙසුනිළයින් විසින් පිළියල කරන ලද තේපැන් සංග්‍රහය සඳහා සහභාගි වන ලදි.

තවද, තත් ඡ්‍යෙෂ්ඨ නිළධාරි යුද්ධ හාමුදාවෙි නොයෙකුත් උසස් මුලස්ථානයන්හි භාරදූර්ය රජකාරි ඉටුකර මහත් අත්දැකිම් බහුල ඡ්‍යෙෂ්ඨ නිළධාරියකු වන අතර, මිට ප්‍රථම 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රජකාරි ඉටුකර ඇත.

එම අවස්ථාව සදහා මෙම මුලයෙහි රාජකාරි නියුතු සියළුම නිළධාරින්, 11 සේමු හා 12 සේමු සේනාංකාධිපතිවරුන් ඇතුළුව 111 බසේමු, 112 බසේමු, 121 බසේමු, 122 බසේමු යන්හි බළසේනාධිපතිවරුන් මෙන්ම මෙම මුලය යටතේ පාලනය වන ඒකකයන්හි අණදෙන නිළධාරින් සහ සියළුම සෙසුනිළයින් සහභාගි වන ලදි.