Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd October 2018 16:23:06 Hours

ආරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන ආඥාපති තුමන් නික්ම යැමේ උත්සවය

මෙම මුලයෙහි අට වන ආඥාපති වශයෙන් රාජකාරි සිදුකල මේජර් ජෙනරාල් ජි ආර් එචි ඩයස් වීඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය තනතුරෙන් නික්මයාම නිම්තිකොටගෙන 2018 ඔක්තෝම්බර් මස 22 වන දින ආඥාපති වෙත 18 වන ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් විසින් කදවුරැ සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් මෙම මුල රොන්ඩව් සරඔ භූම්යේදී සිදු කරන ලදී.

එම අවස්ථාව සදහා මෙම මුලයෙහි රාජකාරි නියුතු සියළුම ජ්යේෂ්ඨ නිලධාරින්/නිලධාරින් හා 11 සේමු, 12 සේමු සේනාංකාධිපති වරුන් ඇතුළුව 111 බසේමු, 112 බසේමු, 121 බසේමු, 122 බසේමු යන්හි බළසේනාධිපති වරුන් මෙන්ම මෙම මුලය යටතේ පාලනය වන ඒකකයන්හි අණදෙන නිළධාරින් සහ සියළුම සෙසුනිළයින් සහභාගි වන ලදි.

ඉන් අනතුරුව ආඥාපති තුමන් විසින් සිළුම ජ්‍යෙෂ්ඨ නිළධාරින් හා අනිකුත් නිළධාරින් සහ සියළුම සෙසුනිළයින්ද ඇමතිම සිදුකරනු ලැබු අතර, අවසාන වශයෙන් ආඥාපති තුමන් වෙත සියළුම නිළධාරින්/සෙසුනිළයිගේ සහභාගිත්වයෙන් තේපැන් සංග්‍රහයක් පැවැත්වීම සිදු කරන ලදි.