Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th October 2018 07:50:28 Hours

69 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීම.

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි, යුඑස්පි, එන්ඩිසි, පිඑස්සී, අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ වැඩසටහන් මාලාවක් මෙම ආසේමු වෙතින් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර, එහි එක් අංගයක් වශයෙන් ලේ දන්දිමේ පුන්‍ය කර්මයක් දියතලාව මුලික රෝහල සමග සම්බන්ධතාවයෙන් යුතුව 2018.10.04 වන දින උදැසන 0900 පැයේ සිට 1600 පැය දක්වා යුද්ධ හමුදා මුලික රෝහල (දිය) පරිශ්‍රය‍ෙ සිදු කරන ලදි.

එම කාර්‍යය ස‍දහා මෙම මුලයේ හා යටතේ පාලනය වන පුහුණු පාසල් හා ඒකකයන් හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිළධාරින් හා නිළධාරි/සෙසුනිළයින් 10 x 70 දෙනෙකු තම ස්ව කැමැත්තෙන්ම ලේ අවශ්‍යතාවයෙන් පෙලෙන රෝගීන් වෙනුවෙන් තම රුධිර පරිත්‍යග කරන ලදි.