Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd October 2018 22:20:26 Hours

අපොස (සා/පෙළ) ප්‍රශ්නෝත්තර පොත් කට්ටල බෙදා දීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 121 බළසේනා මුලස්ථානය වෙතින් සංවිධානය කරන ලද හා කොළඹ කැපිටල් සිට් රොටරි සමාජයේ අනුග්‍රාහක දායකත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභි දිලිදු පවුල් වල දරුවන් හට අපොස (සා/පෙළ) ප්‍රශ්නෝත්තර පොත් කට්ටල බෙදා දීමේ වැඩසටහනක් 2018.10.02 වන දින 1030 පැයේ සිට 1200 පැය දක්වා මො/මල්වත්තාවල මහ විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි පවත්වන ලදී.

මේ සදහා ආරධිත අමුත්තන් වශයෙන් 121 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් එන් සි සෝමවීර ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යේෂ්ඨ නිළධාරි තුමන් හා කැපිටල් සිටි රොටරි සමාජයේ නියොජිතයින් ඇතුළු පාසල් ළමුන් සහභාගි වන ලදී.