Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd October 2018 21:53:46 Hours

69 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්හට සෙත් පැතිම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ධජයන්හට සෙත් පැතිමේ උත්සවය මහනුවර ශ්‍රි දළදා මාළිගාවේදි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එන් යූ එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ්යසිජිඑස්සි යන නිළධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, සේනාවිධායක ශ්‍රිලංයුහසෙව්බමු, විධායක ජෙනරාල්, මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරි හා 11 වන සේනංකාධිපති අතුළු ජ්‍යේෂ්ඨ නිළධාරි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

ඒ අනුව චාරිත්‍රානුකුලව උදැසන ගිලන්පස පුජාව පවත්වා සංඝයා වහන්සේලා 69 ක් උදෙසා දානය පිරිනමා සියළු ධජයන් හට සෙත්පැතිම සිදු කරන ලදි.