Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th September 2018 12:12:09 Hours

රුහුණු විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු/සිසුවියන් හට නායකත්ව පුහුණු වැඩමුළුවක් සිදු කිරිම

රුහුණු විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු/සිසුවියන් හට නායකත්ව පුහුණු වැඩමුළුවක් සිදු කිරිමට එම විශ්ව විද්‍යාලය වෙතින් යුද්ධ හමුදාධිපති තුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ් සේනානායක ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි සිජිඑස්ඒසිජිඑස්සි යන නිළධාරිගේ උපදෙස් හා මගපෙන්විම මත මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ 2018.09.14 වන දින උදැසන 0800 පැයේ සිට 1600 පැය දක්වා රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණික අංශය හදාරණ සිසු/සිසුවියන් හට නායකත්ව වැඩමුළුවක් පවත් වන ලදි.

එම නායකත්ව වැඩමුළුව සඳහා එම විශ්ව විද්‍යාලයේ සිසු/සිසුවියන් සහ ඔවුන්ගේ ගුරු භවතුන් 106 ක පමණ ප්‍රමාණයක් පැමිණ සිටි අතර, මෙම මුල ප්‍රමානි 11 (පුහුණු) වශයෙන් රාජකාරි කරණු ලබන මේජර් ඒ කේ ආර් එම් එම් පි අබේවර්ධණ ආර්ඩබිපි ආර්එස්පි වීබ යන ජ්‍යේෂ්ඨ නිළධාරි ඔවුන් හට නායකත්වය යන මාතෘකාව පිළිබද මනාව පැහැදිලි කරමින් දේශනය සිදු කරනු ලැබු අතර, පසුව කණ්ඩායම් වශයෙන් ප්‍රායෝගික ක්‍රියාකරකමි රැසක් සිදු කර සවස් භාගයේදි දියතලාව නරියා කන්ද ප්‍රදේශයේ අධ්‍යන චාරිකාවක් සදහා පිටත්ව යන ලදි.