Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th September 2018 07:11:35 Hours

කොස් පැල දසලක්ෂයක් සිටුවිම හා අර්තාපල් බීජ අල‍ බෙදාදීමේ වැඩසටහන

කොස් පැල දසලක්ෂයක් සිටුවිමේ ව්‍යාපෘතිය යටතේ මෙම ආසේමු බළප්‍රදේශයේ කොස්පැල සිටුවීමේ උත්සවය බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කහත්තේවෙල ග්‍රාමයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැති තුමාගේ ප්‍රධානත්වයෙන් 2018.09.07 වන දින 1600 පැයට සිදුකරන ලදි.

තත් වැඩසටහන සාර්ථක කර ගැනිම සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ භටපිරිස් සහභාගි කරවන ලද අතර, එම වැඩසටහන සදහා මෙම මුලයේ රාජකාරි නියුතු බ්‍රිගේඩියර් (පාලන/භකාස) බ්‍රිගේඩියර් ඊ ආර් පී වීරවර්ධන යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු ඡ්‍යෙෂ්ඨ නිලධාරින් හා 15x110 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගිවන ලදි.

තවද, කොස් පැල සිටුවීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍ය තුමා විසින් පැමින සිටි ජනතාව අමතා එම උත්සවය සදහා සහභාගි වු ජනතාව වෙත කොස් පැල හා අර්තාපල් බීජ අල බෙදා දීම සිදුකරන ලදි.