Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd September 2018 18:11:51 Hours

ආපදා සහන කටයුතු සදහා භඨපිරිස් යෙදවීම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේමු බළප්‍රදේශයට පසුගිය දින වල ඇද හැලුනු අධික වර්ෂාවත් සමග නුවරඑළිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් " Underbank" ප්‍රදේශයට පිවිසෙන මාර්ගය ගිලා බැසිම හේතුවෙන් ගම්වාසින්ගේ දෛනික අවශ්‍යතාවයන් සිදුකර ගැනිමට නොහැකිවීම හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව සිටි අතර, එම මාර්ගය යථාතත්වයට පත්කිරිම සදහා 2018.08.26 හා 27 යන දෙදින තුල යුධ හාමුදා සෙබළුන් 04X26 කගේ සහභාගිත්වයෙන් ආපදා සහන වැඩසටහනක් පවත්වන ලදි.

මෙම ගිලා බැසිම හේතුවෙන් එම මාර්ගය හරහා ගමන් කරන ප්‍රදේශ වාසින් හා දෙස් විදේස් සංචාරකයින් විශාල පිරිසක් මහත් අපහසු තාවයකට ලක්වු අතර, මෙය සැලවිමත් සමග යුද්ධ හාමුදාධිපති තුමන් විසින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි දැනුවත් කිරිමෙන් පසු එම ගිලා බැසිමට ලක්වු මාර්ගය යලි යථාතත්වයට පත්කිරිමට ඉදිරිකටයුතු සිදුකරන ලෙස උපදෙස් ලබාදෙන ලදි.

ඒ අනුව මෙම මුල ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 11 සේනාංකය යටතේ ස්ථානගත ඒකකයන් වෙතින් ඉහත භඨපිරිස් සංඛ්‍යාව යොදවා මර්ගය යථාතත්වතට පත්කර ගමනාගමනයට සුදුසු වන පරිදි සකස්කර දෙන ලදි.