Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th August 2018 21:58:23 Hours

මහනුවර ශ්‍රි දළදා මලිගාවේ පෙරහැර සඳහා යුද්ධ හාමුදාව වෙතින් ඉටු කරනු ලබන සේවාවන් සොයා බැලිමේ නිරික්ෂණ චාරිකාව

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ පිහිටා ඇති බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් බදු ශ්‍රි දළදා මලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා පෙරහැර මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවත්විමට සියළු කටයුතු සංවිධානය කර ඇති අතර, එහි ආරක්ෂක කටයුතු හා සම්බන්ධිකරණ කටයුතු පිළිබද සොයාබැලිමේ නිරිකෂණ චාරිකාවක් 11 වන සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානයක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2018 අගෝස්තු මස 19 වන දින සිදු කරන ලදි.

සේනාංකාධිපතිගේ මෙම නිරික්ෂණ චාරිකාවේදි පෙරහැරේ ආරක්ෂක කටයුතු සංවිධානය කිරිමට ස්ථාපනය කර ඇති ක්‍රියාන්විත මැදිරිය හා සැලසුම්කර ඇති ආරක්ෂක විදි විධාන මෙන්ම දළාදා මළිගාවේ කර්යය මණ්ඩලය සඳහා ආහාර සකසන /පිලිගන්වන ස්ථාන පිළිබදව නිරිකෂණය කරන ලදී.